නවතම පුවත්

රාජ්‍ය සේවා සත් සාමාජික රග්බි කිරුළ දිනු ක්‍රීඩා පුහුණුකරුවන් ඇමති අකිල හමුවෙති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාජ්‍ය සේවා සත් සාමාජික රග්බි ශූරතාව හිමි කරගැනීමට මෙවර අධ්‍යාපන අමාත්‍යාංශයේ රග්බි කණ්ඩායම සමත් ව ඇති අතර, ඔවුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවිය. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී ඉකුත් දා පැවති අවසන් මහා තරගයේ දී අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායම ලකුණු 26-0 ක් ලෙස ප්‍රතිවාදි රේගු අධිකාරියේ කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්ව විය. අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ පාසල් ක්‍රීඩාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ප්‍රායෝගික ව දායක කරගැනීම වෙනුවෙන් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් පාසල් පද්ධතියට බඳවා ගන්නා ලද අතර, රග්බි ක්‍රීඩාවෙහි ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් මෙම සත් සාමාජික කණ්ඩායම සමන්විත විම විශේෂත්වයකි. කේ.ජී.එම්.ජී සෝමරත්න මහතාගේ නායකත්වයෙන් තරග කළ මෙම කණ්ඩායමේ ආර්.අසංක ලක්මාල් මහතා තරගයේ දක්ෂත ම ක්‍රීඩකයා විය. නන්දසේන චතුරංග මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ජයග්‍රාහී කණ්ඩායමට සුබ පැතුම් එක් කළේය. ඡායාරූප සහතොරතුරු අධ්‍යාපන අමාත්‍යංශ අනුග්‍රහයෙනි..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්