සුදුවෑන් සිද්ධි හෙළිකිරීමක් යැයි අපරාධමය වරදකරුවන් දෙදෙනකු ලවා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත නිදහස් කර තිබේ.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද අධිකරණය මගින් ඔහු නිදහස් කර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.