රාජිත අත්අඩංගුවට ගන්න නියෝග

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර ඇත

ව්‍යාජ ලෙස වෙස්ගැන්වූ පුද්ගලයන් දෙදෙනෙක් සුදුවෑන් සිද්ධියක් මවාපෑමට උත්සාහ කිරීමට මාධ්‍ය හමුවට ගෙනඒම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිතය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙම අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට අපේක්ෂිත ඇප ඉල්ලූ නමුත් එය සළකා බැලීම ලබන 30 වැනිදා සිදුකිරීමටත් ඒ වනතෙක් විදෙස් ගතවීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කළේය.