රැකියා සඳහා නිවසින් බැහැර වන අයට ජාතික හැදුනුමිපතේ ඔත්තේ ඉරට්ටේ
ක්‍රමවේදය අදාළ නොවන බව කොවිඩි-19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය බලපාන්නේ
පෞද්ගලික කාරණා වෙනුවෙන් නිවෙසින්
බැහැරව යන අයට පමණකි.
ඒ ගමන් කළ හැක්කේ ද තම නිවස
ආසන්නයය් පිහිටි වෙළඳසලට පමණක් බව හෙතෙම අවධාරණය කරයි.
සේවකයන් සිය ආයතනවලට ගෙන්වීම
සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීහු
ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
බොහෝ ආයතන සේවයට කැඳවන්නේ
මුළු සේවකයන්ගෙන් 25%ක් පමණි.