බන්ධනාගාරගත කරන ලද හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා නිරෝධායනය සදහා මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.
රාජිත සේනාරත්න මහතාව එහිදී මුණ ගැසීමට අවස්ථාව හිමිවන්නේ පවුලේ සමීපතයින් කිහිප දෙනෙකුට පමණක් බවද බන්ධනාගර තොරතුරු අනාවරණය කළේය.
රාජිත සේනාරත්න මහතාගේ සැපුක් විමසීමට දේශපාලනඥයන් කිහිප දෙනෙක් ඊයේ (14) පල්ලන්සේන විශේධන මධ්‍යස්ථානයට පැමිණ ඇතත් ඒ අයට විශෝධන මධ්‍යස්ථානයට ඇතුළු වීමට අවස්ථාව ලැබී නැත.
දින 14 කට පසු රාජිත සේනාරත්න මහතා රිමාණ්ඩ බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගැනීමට නියමිතය.