නවතම පුවත්

ඉතාලියේ නීති විරෝධි ලෙස රැදි සිටින සංක්‍රමණිකයන්ට බලපත්‍ර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉතාලිය තුළ අනවසරයෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ද ඇතුළු විදෙස් සංක්‍රමණිකයින්ට නීත්‍යනුකූළ බලපත්‍ර ලබාදීම සඳහා එරට රජය වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

. ‍එරට පාර්ලිමේන්තුව තුළ දින කිහිපයක් පුරා පැවති වාද විවාදවලින් අනතුරුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ලැබී තිබේ .
ඉතාලිය විටින් විට එරට තුළ අනවසරයෙන් රැඳී සිටින සංක්‍රමණිකයන්ට මෙවැනි අවස්ථා ලබා දෙන අතර මෙවර ඒ සඳහා අවස්ථාව ලැබී ඇත්තේ වසර අටකට පසුව බවයි වාර්තාවේ

ලබන ඉරිදා ‍වනවිට මෙම වැඩපිළිවෙලට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත වේ.

කෙසේ වෙතත් මේ සඳහා හිමිකම් ලබන්නේ ගෘහ සේවකයන්, වැඩිහිටි පුද්ගලයන් බලා ගන්නා සේවකයන්, කෘෂිකාර්මික අංශයේ සේවකයන් ලෙස සේවය කරන අනවසර සංක්‍රමණිකයන්ට පමණක් බවයි වාර්තා වන්නේ.

ජුනි පළමුවැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර මෙම හිමිකම ලබා ගන්නා සියලු දෙනා යූරෝ 400 ක දඩ මුදලකට යටත් කිරීමට ද ඉතාලි රජය තීරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්