රිෂාද්ගේ පුත්තලමේ නිවසේ අවිආයුධ සොයා හදිසි වැටලීමක්

Picture of අසංක

අසංක

අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට අයත් ඔහුගේ මව දැනට පදිංචිව සිටින පුත්තලමේ නිවස මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක්කරමින් සිටියි.

පුත්තලම අධිකරණයෙන් අද පෙරවරුවේ ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම පරීක්ෂාව සිදු කෙරේ.

අමාත්‍යවරයාට එරෙහිව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලකට අනුව අවිආයුධ සොයා එම සෝදිසිය සිදු කරන බව වාර්තා වේ.