නවතම පුවත්

රිෂාද්ගේ සොයුරා රිමාන්ඩ්

අසංක

අසංක

අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් නමැත්තා ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගය කළාය.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෆ්කාන් බදියුදීන් නැමැත්තා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

තම සේවාදායකයා මෙම අපරාධයට සම්බන්ධ බවට නිශ්චිත කරුණු කිසිවක් නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයේ ඉල්ලීමක් කරමින් ඉල්ලීය.

සැකකරු විමර්ශන අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ අනුව සැකකරු ලබන 06 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්