පැතුම් වික්‍රමරත්න
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 24 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 4.5%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී .
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඉකුත් දා (24) රුපියල් 194.66 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රුපියල් 189.08ක් ලෙස දැක්විණි.
එසේම පසුගිය ජනවාරි 01 සිර දෙසැම්බර් 24 දක්වා වූ කාලයේදී යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව රුපියල 12.3%කින් ද ජපාන යෙන්වලට සාපේක්ෂව 9.0%කින් ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 7.5කින් ද අවප්‍රමාණය වී තිබේ.
එසේම ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 1.1%කින් අවප්‍රමාණය වී තිබේ.
රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.