රුමේනියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ශ්රී ලාංකිකයින් 7 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඒ අනුව , එම හත්දෙනා ඇතුළු එහි සේවය කරන තවත් ලාංකිකයින් 44 දෙනෙකු කම්හලේ රැකියා වලින් ඉවත් කර ඇති බවත් තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
රුමේනියාවේ බොටොසානි ප්රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවය කරන ශ්රී ලාංකිකයින් 7 දෙනෙකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.
වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා කම්හලේ සේවය කළ ස්යළුම ශ්රී ලාංකිකයින් මෙසේ සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තාවේ.
කෙසේවෙතත් එම ලාංකික 44 දෙනා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සදහන් වේ.