රුසියානු මුද්‍රා නාට්‍ය හා නර්තන පාසලේ සම්මාන උළෙල !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ රුසියානු මන්දිරයේ මුද්‍රා නාට්‍ය හා නර්ථන පාසලේ ( Russian School of Ballet & dancing of the Russian House in Colombo) සහතික පත්‍ර ප්‍රදානෝත්සවය නැටුම් බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවත්විණ .

මෙරට රුසියානු තානාපති කාර්යාලයට සම්බන්ධ සංස්කෘතික කේන්ද්‍රය ලෙස කටයුතු කරන කොළඹ රුසියානු මන්දිරය, රුසියානු සංස්කෘතියේ උරුමයන් මෙරටට හඳුන්වාදීමේ අරමුණින් මෙම ‘බැලේ’ නර්තන පුහුණු පාසල පවත්වාගෙන යයි.

රුසියානු මුද්‍රා නාට්‍ය පාසලේ වාර්ෂික විභාගයන් මොස්කව් ප්‍රාන්ත නර්තන ඇකඩමියේ, ඔක්සානා කාර්නොවිච් මහත්මියගේ අනුග්‍රහය යටතේ සංවිධානය වේ.

මෙම සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සඳහා රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඇලෙක්සි බුඩනොව් , රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා හා රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාසියා කොකලොවා , රුසියානු කේන්ද්‍රයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්දප්‍රිය රාමනායක , රුසියානු මන්දිරයේ සංස්කෘතික නිලධාරීනී චන්දී අලුවිහාරේ ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී විය .