රුසියාවට අයත් මාධ්‍ය ආයතන වන RT සහ Sputnik චැනල් YouTube වෙතින් යුරෝපයට අවහිර කර තිබේ.
ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙනි.
“යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන්, අපි වහාම ක්‍රියාත්මක වන පරිදි යුරෝපය පුරා RT සහ Sputnik වෙත සම්බන්ධ YouTube නාලිකා අවහිර කරන්නෙමු,” YouTube වේදිකාව හිමි Google Europe, අඟහරුවාදා Twitter සටහනකින් නිවේදනය කළේය.
“ඒ අපගේ පද්ධති සම්පූර්ණයෙන්ම වේගවත් කිරීම සඳහා කාලය ගතවනු ඇත. කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපගේ කණ්ඩායම් පැය 24 පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටියි.” Facebook සහ Instagram හි මව් සමාගම වන Meta, සඳුදා යුරෝපා සංගමය පුරා එම මාධ්‍ය ආයතනම අවහිර කළේය.
“රුසියානු රාජ්‍ය පාලිත මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස අපට රජයන් සහ යුරෝපා සංගමයෙන් ඉල්ලීම් ලැබී ඇත” යනුවෙන් මෙටා හි ගෝලීය කටයුතු පිළිබඳ සභාපති නික් ක්ලෙග් ට්වීට් කළේය.
“වත්මන් තත්වයේ සුවිශේෂී ස්වභාවය අනුව, අපි මේ අවස්ථාවේ EU හරහා RT සහ Sputnik වෙත ප්‍රවේශය සීමා කරන්නෙමු.” ඔවුහු දන්වා සිටියේය.