පාස්කු පරීක්‍ෂණ ගැන , මානව හිමිකම් කොමසාරිස්වරිය දැනුවත් කරයි !

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්    පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වය පිළිබඳව අද දින , ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මියව දැනුවත් කර ඇත මැල්කම් කාදිනල් රංජිත් හිමි සහ ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය අතර හමුව අද දින පෙරවරුවේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී  සිදුවිය. කාදිනල්තුමන් මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වයට අමතරව   තවත් වැදගත්ක…

බෙලරූස්හි ලාංකික සිසුන්ගේ ආරක්ෂාව ගැන වහා පියවර ගන්න අගමැති උපදෙස්

බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අද සිට නැවතත්- රවී කුමුදේශ්

මෙම වර්ජන ක්‍රියාමාර්ගය මාර්තු 2 සහ 3 දිනයන්හීදි දිවයිනේ සියළු රෝහල් හී පවැත්වෙන අතර හදිසි හා අත්‍යාවශ්‍ය ඉල්ලීම් ලැබෙන පරිදි සේවාව ලබාදීමට කටයුතු කරනු ලැබේ

ePaper – Wednesday, March 02, 2022

🔴 අද පැය 7 1/2 ක් විදුලිය නැහැ !
🔴 කොවිඩ් සීමා ලිහිල් කෙරේ !
🔴 යුක්‍රේන ජනාධිපති ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව , වැග්නර් සමාගම භාරගනී !
🔴 ඉන්ධන පෝලිම් පාලනයට විශේෂ වැඩපිළිවෙලක් !

IPL කණ්ඩායම් වර්ගීකරණයේ වෙනසක්

උමංග බණ්ඩාර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 2022 තරග වාරය සඳහා සහභාගිවන කණ්ඩායම් 10 කාණ්ඩ දෙකකට වෙන්කර ඇති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම කාණ්ඩ සඳහා අදාල කණ්ඩායම් පසුගියදා වෙන්කරන ලදි. එක් එක් කාණ්ඩ සඳහා අදාල කණ්ඩායම් තීරණය කරනු ලැබුවේ එම කණ්ඩායම් දිනාගත් ශූරතා සංඛ්‍යාව සහ අයි.පී.එල් අවසන් මහා තරගයට සහභාගී වූ සංඛ්‍යාව අනුව ය.…

මුළු රටම හරි මගට ප්‍රකාශනය අද

උමංග බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම අද (02දා) සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය,…

‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවෙන් කෝටි 100ක වන්දි !

පැතුම් වික්‍රමරත්න  කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඇමරිකානු ඩොලර් මිලියන ඇමරිකානු ඩොලර්  මිලියන 4.75ක් හෙවත් රුපියල් කෝටි 100 කට ආසන්න වන්දියක් ලැබී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙම සිද්ධියෙන් සිදුවූ පාරිසරික හානිය ඇතුළු සෙසු හානීන් සඳහා රක්‍ෂණ සමාගමක් හරහා ඩොලර් මිලියන 64 කට අධික වන්දියක් ඉල්ලා ඇති…

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අද සිට නැවතත්- රවී කුමුදේශ්

උමංග බණ්ඩාර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අත්හිටවූ අරගලය හෙට (02දා) සිට යලි අරඹන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවූ ඉල්ලීම් පිළිබඳ ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක්  සම්මේලනය දැනුවත් කර නොමැති බවද ඔවුන් පවසයි. මෙම වර්ජන ක්‍රියාමාර්ගය මාර්තු 2 සහ 3 දිනයන්හීදි දිවයිනේ සියළු රෝහල් හී පවැත්වෙන අතර හදිසි හා අත්‍යාවශ්‍ය ඉල්ලීම් ලැබෙන පරිදි සේවාව…

රුසියාවට හා බෙලරුසියාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

උමංග බණ්ඩාර පසුගිය පැය 72ක කාලය තුළදී රුසියාවේ හා බෙලරුසියාවේ වෙබ් අඩවි 1500කට වැඩි ප්‍රමාණයකට සයිබර් ප්‍රහාර එල්ල කළ බව ලෝක ප්‍රකට Anonymous හැකර්වරුන් පසුවයි. ඔවුන්ගේ ෆේ්ස්බුක් ගිණුමෙන් ඔහු මේ බව  ප්‍රකාශ කර තිබේ. මෙහිදී එම රටවල් දෙකේ රජයේ වෙබ් අඩවි, බැංකු, සමාගම් හා රාජ්‍ය මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි අක්‍රීය කළ බව ඔවුන් සඳහන් කරයි.

යුක්‍රේන – රුසියා සංචාරකයින්ට සහන ලබාදේ !

පැතුම් වික්‍රමරත්න  මෙරට රැදී සිටින යුක්‍රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව මාස 02 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත . ඒ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. ඒ අනුව මෙරට රැදී සිටින එම සංචාරකයින්ගේ වීසා කාල සීමාව ගාස්තු අයකිරීමකින් තොරව මිාස 02 ක කාලයක් සඳහා දීර්ඝ…

ඉන්ධන පෝලිම් පාලනයට විශේෂ වැඩපිළිවෙලක් !

දම්පත් රණසිංහ  ඉන්ධන පිරවුම්හල් අසල මහජනතාව පෝලිම්වල රැදී සිටින අවස්ථාවන්වලදී යම් කලහාකාරී සිදුවීම් ඇතිවීම වැළැක්වීම සදහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකකළ යුතු බවට දිවයිනේ සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝගකර ඇත. පොලිස්පතිවරයා විසින් නිකුත් කළ එම නියෝගය මෙසේය.

යුක්‍රේන ජනාධිපති ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව , වැග්නර් සමාගම භාරගනී !

පැතුම් වික්‍රමරත්න  යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඝාතනය කිරීමේ වගකීම භාර් ගනිමින් එරට තුලට කුලී ඝාතකයින් කණ්ඩායමක්  ඇතුල්වී ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී . 400 දෙනෙකු ගෙන් යුත් මෙම කණ්ඩායම  වැග්නර් ගෘප්  හෙවත් වැග්නර් සමාගම ලෙස  හැඳින්වෙන අතර  මෙම කණ්ඩායම  අප්‍රිකානු කලාපය, ඉරාකය සහ සිරියාව තුල සිය මෙහෙයුම් සිදුකර ඇත . පුද්ගල පැහැර ගැනීම්,…