රුසියාවෙන් තාවකාලික සටන් විරාමයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්රේනයේ මරිපෝල් සහ වොල්නෝවාකා යන නගරවල පැය 5 කට පමණක් සටන් විරාමයක් ආරම්භ කිරීමට රුසියන් හමුදාව එකග වී ඇත.

සටන් විරාමය සදහා රුසියන් හමුදා එකග වී ඇත්තේ මරිපෝල් සහ වොල්නෝවාකා නගර වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත් වීම සදහා ‘මානුෂීය කොරිඩෝවක්’ නිර්මාණය කර දෙමිනි.

සටන් විරාමය පවතින එම කෙටි කාලයේ වහා නගරයෙන් පිටවී යන්නැයි රුසියන් රජය, මරිපෝල් සහ වොල්නෝවාකා වැසියන්ට දැනුම් දී තිබේ.

සටන් විරාමයේ කාලය අවසන් වූ සැණින් නගරවවලට දිගට හරහට පහර දෙමින්, ඒවා අත්පත් කර ගැනීමට රුසියන් හමුදා සුදානම් වෙයි. මරිපෝල් යනු යුක්රේනයේ වරාය නගරයකි.