නවතම පුවත්

රුසියාවේ කොරෝනා එන්නතට රටවල් 20කින් බිලියනයක ඇනවුම්

අසංක

අසංක

නව කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව විසින් මේ වන විට සොයා ගෙන තිබෙන එන්නතට ලොව රටවල් 20කින් බිලියනක පමණ ඇනවුම් ලැබී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියාව මේ වනවිට මෙම එන්නතට ස්පුට්නික් 5 ලෙස නම් තබා ඇති අතර 1957 දී සෝවියට් සංගමය විසින් ලොව ප්‍රථම චන්දිකාව දියත් කිරීම තරම්ම විශිෂ්ට ක්‍රියාවක් වන හෙයිනුයි මෙම එන්නතට ස්පුට්නික් V ලෙස නම් තබා ඇති බව එරට රජය ප්‍රකාශ කර ඇත .

මෙම එන්නත හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධානී කිරිල් දිමිත්‍රිව් මහතා පවසා තිබෙන්නේ සිය විදේශීය හවුල් කරුවන් සමඟ රටවල් පහක වසරකට එන්නත් මාත්‍රා මිලියන 500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට දැනටමත් සුදානම් බවය. එමෙන්ම නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටද කටයුතු යොදා තිබෙන බවයි ඔහු සඳහන් කර ඇත.

මේ වන විට ලතින් ඇමරිකා,මැදපෙරදිග සහ ආසියානු රටවල් සමඟ එන්නත මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගතවීමට සූදානමින් සිටින බවද කිරිල් දිමිත්‍රිව් මහතා සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්