රුසියාව තුල ගෙවීගිය පැය 24ක ඇතුලත නව කොරෝනා වෛරසය ආශ්‍රිත ආසාදිතයන් 5,765ක් වාර්තා කර තිබේ.
මේ අතර ගෙවීගිය දිනයේ වෛරසය ආශ්‍රිත මරණ 77ක්ද රුසියාවෙන් වාර්තා වී ඇති බව රුසියාවේ කොරෝනා වෛරස අර්බුද ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසයි.
දත්ත වාර්තා වලට අනුව රුසියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 812,485ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාවද 13,269 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රුසියාව වෛරසය යම් තරමකට පාලනය කරගැනීමක් දක්නට ලැබුණද,
මේ වනවිටත් රුසියාවෙන් දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවා හමුවීම සැලකිය යුතු තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.