රුසියාවේ බරපතළ කොරෝනා රෝගීන්ට එන්නත දීම ඇරඹෙයි

Picture of අසංක

අසංක

රුසියාව සිය කොරෝනා එන්නත් වැඩසටහන ක්‍රියාවට නංවමින් මොස්කව් අගනුවරදී වෛරසය හේතුවෙන් දැඩි අවදානමට පත්ව සිටින පිරිස් වෙත එන්නත් ලබා දීම ආරම්භ කර ඇත.

පසුගිය අගෝස්තු මාසයේදී ලියාපදිංචි කළ රුසියාවේදීම වැඩි දියුණු කළ Sputnik V එන්නත මෙලෙස ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

ඉදිරි දින කිහිපය ඇතුලත එන්නත ලබා ගැනීම සඳහා දහස් ගණනක් ජනතාව ලියාපදිංචි වී ඇති බව රුසියානු සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙතරම් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි ද යන්න පැහැදිලිව සඳහන්ව නොමැති අතර නිෂ්පාදකයින් අපේක්ෂාව වන්නේ වසර අවසාන වනවිට එන්නත් මාත්‍රා මිලියන 2ක් නිෂ්පාදනය කිරීමය.

එන්නත් වැඩසටහන යටතේ එක් පුද්ගලයෙකුට එන්නත් දෙකක් ලබා දෙන අතර එක් එන්නතක් ලබා දී දින 21කට පසුව දෙවන එන්නත ලබා දෙනු ලැබේ .