නවතම පුවත්

රූපවාහිනියේ නිශාන්තට ජාත්‍යන්තර ඇගයීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේ (AOEI) , හා ඇමෙරිකාවේ WIAL අධ්‍යාපන ආයතනයේ, වෘත්තීය නිපුණතා ඇගයීමේ ක්‍රමවේදය (RPL) යටතේ , මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවීණයින් වෙත වෘත්තීමය ගෞරව උපාධි පිරිනැමීමේ දෙවන අදියර , ඊයේ ( 14) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින .

තායිලන්තය , මැලේසියාව පිලිපීනය ඇතුළු ආසියානු රටවල රැසක ව්‍යාප්ත ආසියානු විවෘත අධ්‍යාපන ආයතනය හා අනුබද්ධ මෙරට අනුජ ලවාන් ජායාරූප ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරින .

මෙහිදී , මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුල වසර 30කට අධික අත්දැකීම් සපිරූ , ශ්‍රී ලංකා රූපවාහිනී සේවයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක ප්‍රවීණ මාධ්‍යවේදී නිශාන්ත අල්විස් මහතාට , මාධ්‍ය හා සන්නිවේදනය පිලිබඳ විශේෂ වෘත්තීය ගෞරව උපාධිය පිරිනැමිණ .

නිශාන්ත අල්විස් මහතා දශක තුනකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට සිදුකල ඉමහත්වූ සේවය හා ඔහුගේ සුවිශේෂී නිපුනතා අගයමින් මෙම වෘත්තීය ගෞරව උපාධිය ඔහු වෙත පිරිනැමීමට තීරණය කල බව ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේ කුලපතිනී හා ඇමෙරිකාවේ WIAL ආයතනයේ ප්‍රධානී අචාර්ය බෙයා කාර්සන් මහත්මිය මෙම අවස්ථාවට විශේෂ පණිවුඩයක් යොමුකරමින් අවධාරණය කර සිටියාය .

ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ජාත්‍යන්තර අත්දැකීම් රාශියක් ඇති නිශාන්ත අල්විස් මහතා ජනමාධ්‍ය පිලිබඳ ගුරුවරයෙකු ලෙසද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර ඇත .

ඉන්දියාවේ උක්තාල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය රඹුක්වැල්ලේ චන්ද්‍රරතන හිමියන් විසින් , නිශාන්ත අල්විස් මහතා තමාට අයත් එම උපාධි සහතිකය ලබාගන්නා අයුරු ජයාරූපයේ දැක්වේ .

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතා , ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ කථිකාචාර්ය මණ්ඩලයේ පැතුම් වික්‍රමරත්න , චිරස්ති පෙරේරා යන මහත්වරුන්ද මෙහි වේ .

මීට අමතරව අනුජ ලවන් ජයාරූප ඇකඩමියේ සිසු සිසුවියන් 200කට අධික පිරිසකට මෙහිදී සහතික පිරිනැමිණ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්