රේගු වෘත්තිය සමිති සන්ධානය විසින් දියත් කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බව රේගු මාණ්ඩලික නිළධාරීන්ගේ සංගමයේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි.
රේගු අධ්‍යක්ෂක ධූරයට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් තොර පුද්ගලයකු පත්කිරිමට විරෝධය පල කිරිම සදහා ඊයේ (30) සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල්ධුරයට පරිපාලන සේවයේ නිලධාරියෙකු නොවන පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සිය සංගමය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
එහි ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේ අදාල පත් කිරීම නීත්‍යානුකූල පත් කිරීමක් නොවන බවයි.