රේගු වර්ජනය දිගටම

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රේගු නිළධාරීන් ආරම්භ කල වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව වෘත්තිය සමිති පවසනවා අද (01) වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡා එකගතාවයකින් තොරවම අවසන් වීමෙන් පසුව තමන් ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කල බවයි.

ශ්‍රී ලංකා රේගුවේ  අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට  නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා  ඔවුහු මෙලෙස වර්ජනය ඇරැඹුහ. මෙම වර්ජනය හේතුවෙන්  භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට  තිබේ.