රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් PCR පරීක්ෂණයක් මඟින් කොවිඩ් 19 ආසාදිත බව හඳුනගෙන තිබෙන රෝගීන් නිවෙස් තුළම රඳවා තබාගනිමින් නියාමනය කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සඳුදා (17) සිට ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී
නිවසේ රැඳී සිටියදී යම් සංකූලතාවක් මතු වුවහොත් පමණක් එම තැනැත්තා රෝහල් පද්ධතිය වෙත යොමුකිරීමට තීරණයක් ගැනුණු බවද අමාත්‍යවරිය සඳහන් කර සිටී .
කොවිඩ් වසංගත ව්‍යාප්තිය පිළිබඳ මෙහෙයුම් මැදිරියේ සිට එම මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතය.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණද රෝග ලක්ෂණ නොපෙන්වන බොහෝ දෙනෙක් සිටින අතර ඔවුන් රෝහල් තුළට ඇතුළත් කිරීමේදී යම් යම් ප්‍රමාදයන් සිදුව තිබෙන හෙයින් නිවෙස් තුළ රඳවා එම කටයුතු නියාමනය කිරීමට මෙසේ තීරණය වී ඇත.