Audi සමාගම විසින් හඳුන්වාදෙන නවතම සංකල්පීය මෝටර් රථය Audi AI: Trail අද්විතීයත්වයේ උපරිම අත්දැකීමක් ඔබට ලබාදීමට නිර්මාණය කරන ලද අති සුපිරි මෝටර් රථයක්.
ත්රාසජනක, විනෝදාත්මක සංචාරයට කැමති ඔබ වෙනුවෙන්ම නිපද වූ මෙම සුපිරි මෝටර් රථය dashboard රහිත, ඔබට මාර්ගය පෙන්වීමට සහය දෙන කැමරා සහිත ඩ්රෝන් යානා 5කින් සමන්විත නවීන තාක්ෂණයේ ඔබ පෙර අත්නොවිඳි අත්දැකීමක් ඔබ වෙත ගෙන ඒමට සූදානම්.
Steering wheel සමග සම්බන්ධ කළ ඔබේ ස්මාට් ජංගම දුරකථනය එහි dashboard එක ලෙස ක්රියාත්මක වන පරිදි සකස් කර ඇත්තේ ඔබට මින් පෙර නොවූ විරූ අපූර්වත්වයක් ගෙනෙමින්.
මෙම මෝටර් රථය රියදුරු නොමැතිව ස්වයංක්රීය රිය පැදවීම, විදුලි සංචලතාව සහ සොබාදහම සමඟ විශේෂ සම්බන්ධතාවයක් ඒකාබද්ධ කරමින් කළ නිර්මාණයක්.
Hammock ආසන, දුරදක්න කඳු, වගුරු බිම්වල යා හැකි සුවිශේෂී තාක්ෂණය භාවිතයෙන් off-road සඳහාම නිපද වූ ටයර්වලින් මෙය සමන්විතයි.