රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව ලබාදෙන මෙන් තමා කිසිදු විටෙක ලිඛිත ඉල්ලීමක් නොකළ බව ගාල්ල බිෂොප් රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබූ නිවේදනයක අදාළ පුද්ගලයා වෙත සමාව දීම සඳහා ජනාධිපතිවරයාට හේතුවූ කරුණු දක්වා තිබූ අතර එහි තම නාමය සඳහන් වීම නිසා රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමා මෙම නිවේදනය කර ඇත.
තම නාමයට මෙම වැරදිසහගත කරුණු දැක්වීම මගින් සිදුවූ හානිය සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගනු ඇති බවට ද ඔහු පෙන්වා දෙයි.