රෝයල් පාක් ඝාතකයා නිදහස් කළාට එරෙහිව වැලිකඩ සිරකරුවෝ වහල උඩට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව දීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් වහල මත නැගී විරෝධතා ආරම්භ කර තිබේ.

මරණ දණ්ඩනය ලබා සිටින දෙදෙනෙකු දැනට වහල මත නැගී ඇති අතර තවත් කිහිපදෙනෙකු ඊට එක්වෙමින් සිටින බව වාර්තා වේ.

රෝයල් පාර්ක් ඝාතකයා සිරගතව සිටි කාලයට වඩා වැඩි කාලයක් තමන් සිරගතව සිටි නමුත් තමන්ද යහපත් කල්ක්‍රියාවෙන් සිටි බැවින් තමන්ට ද නිදහස අවශ්‍ය බව ඔවුහු පවසති.

රෝයල් පාර්ක් ඝාතක ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනපති සමාව දුන්නේ ඔහු මුදල් බලය ඇත්තකු නිසාද යන්න පිළිබඳ සිරකරුවෝ ප්‍රශ්න කරති.