රෝහල් හරහා කොවිඩ් එන්නත්කරණය ඉතා සාර්ථකයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිනක් තුළ මෙරට වැඩිම පිරිසකට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ඊයේ ලබාදී ඇත .

රට පුරා පිහිටි රෝහල් හරහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අතර එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාතේ පිහිටි රෝහල් රැසක් හරහා එන්නත්කරණය ආරම්භ කර තිබෙ. මේ නිසා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය මෙසේ  වේගවත් වී තිබෙන බව සෞඛ්‍ය අංශ  පවසයි .

ඒ අනුව ඊයේ එලෙස එන්නත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 73,520 ක්. ඉන් 91,759 දෙනෙකුටම ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවය..

එහි දෙවන මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 79,236 දෙනෙකුට ලබාදී ඇත .

ඒ අනුව කොරෝනා මර්දන සයිනොෆාම් එන්නත මේ දක්වා පුද්ගලයින් ලක්ෂ 24 කට අධික පිරිසකට එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය අනාවරණය කර සිටී .  ඉන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලැබූ පිරිස දාහත් ලක්ෂ 49,500 ක් වේ .

මාත්‍රා 02 ම ලැබූ පිරිස හය ලක්ෂ 84,352 දෙදෙනෙකු බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

ඊයේ දිනයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2,523 දෙනෙකුට ලබාදී ඇති අතර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් දෙදෙනෙකුට ලබාදී තිබෙනවා. ඒ අනුව එක් මාත්‍රාවක් හෝ ලැබූ සංඛ්‍යාව විසිහත් ලක්ෂ අසූ නව දහස ඉක්මවා ඇත  ඉන් මාත්‍රා 02 ම සම්පූර්ණ කළ සංඛ්‍යාව දස ලක්ෂ හැත්තෑ හත් දහස ඉක්මවා ඇත .