නවතම පුවත්

ලංකාපුර 325ක් PCR පරීක්ෂාවට – ගම්වාසීන් නිරෝධායනයට

අසංක

අසංක

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොවිඩ්- ආාසාදිතයකු හමුවීම නිසා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඊට යාබදව තිබෙන ප්‍රාදේශීය සභාවේත් නිලධාරීන් මෙන්ම ඒ ආශ්‍රිතව 325කගේ පමණ පීසීආර් පරීක්ෂණ සදහා සාම්පල ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

හෙතෙම පෙන්වාදෙන්නේ දැනට සංචරණ සීමා නොපැනවූවද එම ගම්වාසීන්, රෝගියාගේ ආශ්‍රිතයින් නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති බවයි.

හෙතෙම වැඩිදුරටත් මෙම කරුණු ද පැවැසීය.

“ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙක් කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු ලෙස ඊයේ (29) රාත්‍රියේ හමුවුණා. මීට පෙර කන්දකාඩු රෝගියකුගේ පවුලේ ඥාතීන් වන ලංකාපුර පවුල් දෙකක පුද්ගලයින් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් බවට පත් වූවා. මෙම තැනැත්තා එම පවුලක අයෙකුව ආශ්‍රය කර ඇති බව තමයි හෙළිවන්නේ.

කොහොම වුණත් මෙම තත්වය මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඊට යාබදව තිබෙන ප්‍රාදේශීය සභාවේත් සැලකිය යුතු පිරිසක් PCR පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ වගේම නිරෝධායනයට ලක් කරනවා. මෙහිදී අද රාත්‍රියේම 325 කට අධික සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ සඳහා පටල ගැනීම සිදුවෙනවා. ඒ වගේම මේ සියලු දෙනාම නිරෝධායනයට ලක් වන්නන්. ගෘහස්ත නිරෝධායනයට තමයි ලක් කර තිබෙන්නේ. මීට ඇතුළත් වෙනවා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ සේවය කරන්නන්, ඒ වගේම මෙම රෝගියාගේ විවිධ ආශ්‍රිතයින්.

මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා. අපට හෙට දිනය වන විට මෙම සිදුකරන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබුණු පසු මෙම තත්වය කෙසේද යන්න මැනබැලීමට පුළුවන්. කෙසේ වෙතත් අප කලින් කියූ පරිදි මේ ආකාරයට කලින් පැවති පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාව තිබෙනවා. නමුත් එසේ හමුවන රෝගීන් හරහා රෝගය සමාජගතවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලින් ගනිමින් සිදු කරගෙන යනු ලබන බවත් ප්‍රකාශ කිරීමට කැමතියි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්