ලංකාවට කුණු එවූ එංගලන්ත සමාගමෙන් වන්දි ඉල්ලයි

Picture of අසංක

අසංක

නීතිවිරෝධීව සායනික අපද්‍රව්‍ය සහ කසල බහලූම් 263ක් මෙරටට යොමු කළ එංගලන්ත මව් සමාගමෙන් සහ ඒවා භාරකර තිබූ මෙරට සමාගමෙන් වන්දි මුදලක් අයකර ගැනීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන ඇත.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබූ සායනික අපද්‍රව්‍ය සහ කසල අඩංගු බහාලූම් 263න් බහාලූම් 21ක් මේවනවිටත් එංගලන්තය වෙත ප‍්‍රතිනැව්ගත කර ඇති බවද රේගුව සඳහන් කර ඇත.

එම අපද්‍රව්‍ය සහ කසල යොමුකර තිබූ අදාළ දේශීය සමාගම ද මේවනවිට හදුනාගෙන ඇති අතර දෙරටේම බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.