ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත මුහුදු මාර්ග ඔස්සේ ඇතුළුවී ඇති “ලක්ෂා ඊ ටයිබා” ත්‍රස්ත කල්ලි සාමාජිකයින් හය දෙනෙකු සොයා මේ වනවිට ඉන්දීය පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම ත්‍රස්තයින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්තයේ කොයිම්බතුර් වෙත ඇතුළුවේ ඇති බවට ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටද එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
ලෂ්කා-ඊ-ටයිබා යනු පකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයක් වන අතර ඉන්දියාවට ඇතුළුවී ඇති මෙම කල්ලියේ .පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රි ලාංකික මුස්ලිම් ජාතිකයින් 05 දෙනෙකු වන බවද වාර්තාවේ.
පාකිස්ථාන ජාතිකයා ඉල්ලියාස් අන්වර් නැමැති ත්‍රස්ත සාමාජිකයා බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.