සීෂෙල්ස් දූපත්වලට මත්කුඩු බෙදාහරින්නේ ශ‍්‍රී ලංකාවේ සිට බවට විමර්ශනයකදී හෙළිවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද එම දූපත් බලා පිටත්ව ගොස් තිබේ.
එම නිලධාරීන් කණ්ඩායම අතර පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, වැටලීම් අංශයේ පොලිස් පරීක්ෂක සුබෝධ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමලාල් යන නිලධාරීහු සිටිති.
ඉකුත් දෙසැම්බරයේ බේරුවල ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු කිලෝ 231ක් සමග අත්අඩංගුවට ගනු ලැබූ බහුදින යාත‍්‍රා හිමි ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ.
එම ව්‍යාපාරිකයාට සීෂෙල්ස් දූපත්වලට ද බිරි
දක් සිටින අතර ඇය හා ඇයගේ සොයුරා එම දූපත්වල මත්කුඩු ජාවාරම කරගෙන යන බව ද වාර්තා වේ.
දම්පත් රණසිංහ

