ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසර පුරා 3.5ක අගයක පවතිනු ඇති බව ලෝක බැංකුව පවසයි.
මෙරට ආර්ථික වර්ධන වේගය මෙවැනි අඩු මට්ටමක පැවතීමට හේතුව විදේශ ආයෝජන ලංකාවට ඇදී ඒමේ අඩුපාඩුව බව පැවසුවේ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබද උප සභාපති
හැට්විග් ස්කැෆර් මහතා යි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව මගින් නවතම වාර්තාවක් ද අද ගාලුමුවදොර හෝටලයේ දී නිකුත් කරමින් හෙතෙම මේ බව ස
දහන් කළේය.
ශ‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට ශ‍්‍රී ලංකාව වඩාත් විධිමත් ක‍්‍රමෝපායන් අනුගමනය කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ ය.
ආසියානු කලාපය වේගවත් ආර්ථිකයක් ළගා කරගෙන ඇති බවත් ඒ හා සමගාමීව මෙරට ආර්ථික වර්ධන වේගය ද වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් ස
දහන් කර සිටියේ ය.
පැතුම් වික‍්‍රමරත්න