නවතම පුවත්

ලංකාවේ ආදිවාසි මෙවලම් 12000ක් එංගලන්තයේ – ආදිවාසී නායක

අසංක

අසංක

එන්.කේ.චන්ද්‍රප්‍රිය


ශී‍්‍ර ලංකාවේ ආදිවාසීන්ට අයත් බව කියන මෙවලම් 12000 ක් එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ තැන්පත් කර ඇති බවත්, ඒවාද ශී‍්‍ර ලංකාවට ලබාදීම සඳහා එම සරසවිය එකගතාව පලකර ඇති බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන වසරේදී තමන් නැවතත් එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයට යාමට අපේක්‍ෂාවෙන් සිටින බව ඔහු පැවැසීය.

එඩින්බරෝ සරසවියේ උපකුලපතිවරයාගෙන් තමන්ට ඉහළ පිළිගැනීමක් ලැබුණු බවත්, එහිදී සිදුකළ සාකච්ඡුාවේදී ශී‍්‍ර ලංකා ආදිවාසී ජනතාවට අයත් මෙවලම්ද ආපසු ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට තීරණය වූ බවත් ආදිවාසී නායකයා පවසයි.

ඒ අනුව එම මෙවලම් ලබාදීම පිළිබඳ මේ වන විට අවදානය යොමු වී ඇති බව මහාචාර්යවරයෙකු මඟින් එඩින්බරෝ උපකුලපතිවරයා තමන්ට දැනුම් දී ඇති බවත්, ඒ පිළිබඳ සාකච්ඡුාවක් සඳහා පැමිණෙන්නැයි ආරා්ධනා කළ බවත් ආදිවාසී නායකයා කියා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුරටත් සිදුකළ විමසීමේදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මෙසේද කීය.

“මේ මෙවලම් අතර, මුදු, මාල, වළලූ, වගේම දඩයම් කිරීම හා ආරක්‍ෂාවට යොදා ගත් ආයුධ හා උපකරණ ගණනාවක් තිිබෙනවා. මේවා අවුරුදු 300 ට පෙර පර්යේෂණ සඳහා රැගෙන ගිහින් තිබෙන බවයි අනාවරණ වෙලා තිබෙන්නේ. ඇතැම් භාණ්ඩ ආදිවාසීන් වන අපිවත් දැකල නැහැ. ඒවාට ඒ තරම් දිගු ඉතිහාසයක් තිබෙන්නේ. ඉතිිං මේවා නැවත ලබා දෙන්න එඩින්බරෝ සරසවිය කැමැති වෙනවනම් එය අපිට විශාල ආඩම්බරයක්.

මේවා වඩාත් සුරක්‍ෂිතව තමයි එහේ තැන්පත් කර තිබෙන්නේ. ඒ නිසා මේවා ලංකාවට රැගෙන එන්නේනම් ඒ ආරක්‍ෂාව ලබාදීමේ වගකීම තිබෙන්නේ අපිටයි. ඒ වෙනුවෙන් යම් තරමක කෞතුකාගාරයක් දඹානේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයේ දායකත්වය ලබා ගන්න සාකච්ඡ සිදුකරමින් ඉන්නේ.

ඒ වගේම තමයි ලොව පුරා ආදිවාසී ජනතාවගේ අතීත උරුමයන් දහස් ගණනක් මේ සරසවියේ තැන්පත් කර තිබෙනවා. ඒ අතර මිනිස් හිස්කබල් හා අස්ථි කොටස් 14000 ක් විතර තිබෙනවා. ඒවාගෙන් සමහර හිස් කබල් මිනිස්සුන්ගේදැයි යන්න හිතන්නත් අමාරුයි. බොහෝ විශෘල හිසකබල් එහි තැන්පත් කර තිබුණා. ඒවා දැකලා මමත් පුදුම වුණා. කොහොමත් මිනිසාගේ පරිණාමය හා ජීව විද්‍යාත්මක තත්ත්වයන් මෙන්ම ශිෂ්ඨාචාරය ගැන පරීක්‍ෂණ කිරීමට මේවා වැදගත් වෙලා තිබෙනවා.

මිනිස් ශිෂ්ඨාචාරයේ පරිවර්තනය කියන්නේ සරල කාරණයක් නෙමෙයි. එය ඉතා ප‍්‍රබල හා සංකීර්ණ කි‍්‍රයාවලියක්. ඉතිං ඒ පිළිබඳ සිදුකරන විමර්ශනවලට අපේ අතීත පරපුරේ ජීවමාන සාධක භාවිතා කිරීම ගැනත් අපිට ආඩම්බර වෙන්න පුළුවන්” යැයිද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පැවැසීය.

මීට සති කිහිපයකට ඉහතදී මෙරට විසූ ආදිවාසීන්ට අයත් හිස්කබන් හා අස්ථි කොටස් 09 ක් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වෙත බාර දෙන ලදී.

හිස්කබන් 07 ක් හා අස්ථි කොටස් 02 ක් ඊට ඇතුලත් විය. එම අස්ථි කොටස් බාර ගැනීම සඳහා ආදිවාසි නායකයා සහභාගී වූයේ එඩින්බරෝ සරසවියෙන් ලැබුණු විශේෂ ආරාධනයකට අනුවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්