ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 50කට නගී – ලොව වටා දෙලක්ෂයක්

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 50 ක් බව අනාවරණය වී තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මි මේ බව පැවැසීය.

රෝගය ආසාදනය වු බවට සැක කෙරෙන රෝගීන් දිවයින පුරා රෝහල්වල 212 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද අමාත්‍යවරිය පවසයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබේ.

මරණ ගණන 8160ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුව වූ රෝගීන්ගේ අනුපාතය ක්‍රමානුකූලව අඩුවීමේ තත්ත්වයක් පෙන්නුම් කරයි.