නවතම පුවත්

ලංකාවේ තවත් සමූහ මිනීවලවල් ඇතැයි කී මානව හිමිකම් ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරයි

අසංක

අසංක

අනාගතයේ දී ශ්‍රී ලංකාව තුළ තවත් සමූහ මිනීවලවල් හමුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවේ සදහන් ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කර තිබේ.

මන්නාරම සමූහ මිනීවලේ පරීක්ෂණ වාර්තා මගින් සත්‍ය තොරතුරු විද්‍යානුකූලව හෙළිවී තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිගත නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මෙරට රජයේ ස්ථාවරය දක්වමින් ජිනීවාහි පැවැති ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී පවසා ඇත.

‘මහකොමසාරිස්තුමියගේ වාර්තාවේ 23 වැනි ඡේදයේ සඳහන් මන්නාරමේ “සමූහ මිනීවළවල්” සම්බන්ධයෙන් ගත් කල, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබා ගත් පරීක්ෂණ ප්‍රතිඵලවලින් එකී ඇටසැකිළි ශ්‍රී ලංකාව විශාල වශයෙන් යුරෝපීය යටත්විජිත පාලනයට නතු වූ ක්‍රි.ව. 1499-1719 යන කාල වකවානුවට අයත් වූ වග හෙළි වී තිබුණද, “වෙනත් සමූහ මිනීවළවල් අනාගතයේදී හමුවීම අපේක්ෂා කළ හැකි” යැයි වාර්තාව පූර්වකල්පනය කරනවා. මෙවැනි වැදගත් හා බැරෑරුම් කාරණයක් සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ වාර්තාවක මේ ආකාරයේ උපකල්පනයක් කිරීම පිළිගත නොහැකිවාක් මෙන්ම මේ වාර්තාවේ සඳහන් සෙසු ප්‍රකාශ සම්බන්ධයෙන්ද ඉන් සැකයක් ඇති වීමට පවා ඉඩ තිබෙනවා.’ යනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්