නවතම පුවත්

ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි ආකාරයෙන් මෙරට ,පොදු ප්‍රවාහනය ගොඩනැංවීම අත්‍යාවශ්‍ය කරුණක් වන නමුත් මෙතෙක් රජය ඇතුළු කිසිදු වගකිවයුතු අංශයක් මේ පිළිබඳව නිසි අවධානය යොමු කර නොමැති බව ශ්‍රී ලංකා බිහිරිවුවන්ගේ මධ්‍යම සම්මේලනයේ උප සභාපතිනී සුහානි රංගා පතිරණ මහත්මිය ප්‍රකාශ කර සිටී .

ප්‍රවේශ පහසුකම් හා ආබාධ සහිත බව පිලිබඳව වූ නියාමන හා තොරතුරැ මධ්‍යස්ථානය (CAMID) , ඊයේ කොළඹ ගලදාරි හෝටලයේදී සංවිධානය කල විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පතිරණ මහත්මිය මේ බව අවධාරණය කළේය .

CAMID මධ්‍යස්ථානය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර , ඌව හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් සිදුකල විශේෂ සමීක්ෂණයක ප්‍රතිඵල , එළිදැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ .

ක්‍රිස්තියානු අන්ධ මෙහෙයුමෙහි (CBM) , මූල්‍ය අනුග්‍රහය ඇතිව , “ආබාධිතභාවය සහතික කිරීම සඳහා හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම-” යන මාතෘකාව යටතේ CAMID මධ්‍යස්ථානය මේ වනවිට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික අවධානය යොමුව ඇත්තේ අධ්‍යාපනය , ප්‍රවාහනය , හා ආර්ථික සංවර්ධනය යන අංශ තුන වෙතය .

මේ ව්‍යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයින්ට සේවා සඳහා ප්‍රවේශය පිළිබඳ සමීක්ෂණය කිරීමටත් , ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව විශ්ලේෂණය කිරීමටත්,පළාත් සහ ජාතික මට්ටමේ සැලසුම්, සහ යහ භාවිතයන් පිළිබඳව සොයාබැලීමටත් කටයුතු යොදා ඇත .

මෙම සමීක්ෂණයන් හා විශ්ලේෂණයන්වල ප්‍රතිඵල සාකච්ජා කිරීම සඳහා ඊයේ දින විශේෂ වැඩමුළුවක්ද ගලදාරී හෝටලයේදී පැවැත්වුණු , අතර එම වැඩමුළුවෙන් අනතුරුව අදාළ මාධ්‍ය හමුව පැවැත්වින.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පතිරණ මහත්මිය මෙසේද පැවසීය .

“පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී ආබාධ සහිත පුද්ගලයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටළු බොහොමයි . මෙතෙක් අප රට තුල රෝද පුටු භාවිතා කරනු ලබන ආබාධ සහිත පුද්ගලයින්ගේ ගමන් පහසුව පිණිස කිසිඳු බස් රථයක හෝ දුම්රියක ප්‍රවේශ පහසුකම් සළසාදී නැහැ . එසේම එම පුද්ගලයින්ට දුම්රිය නැවතුම් පොළකදී එක් වේදිකාවකින් තවත් වේදිකාවකට පහසුවෙන් එහා මෙහා ගමන් කිරීම සඳහා ආරක්‍ෂිත ක්‍රමවේදයක්ද සකස් කරදී නැහැ,

දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකුට තමන්ට අවශ්‍ය බස් රථය දුර තියා නිවැරදිව හඳුනා ගැනීම සඳහා හැකියාවක් නැහැ . එසේම බස් රථයෙන් බැසීමේදීද , එම නිශ්චිට බස් නැවතුම සොයාගැනීමට ක්‍රමවේදයක් නැහැ . දියුණු රටවල බස් රථයේ ඩිජිටල් නාම පුවරු භාවිතවෙනවා . මෙරට එවැනි දේ නැහැ . කොන්දොස්තර මහතා කියන දේවල නොඇසෙන අයට නැවතුම සොයාගන්න බැහැ.

ආබාධ සහිත පුද්ගලයෙක් කවුන්ටර් කිහිපයක් සහිත දුම්රිය ස්ථානයක් වෙත පැමිණි පසු තමන්ට අවශ්‍ය ගමන් ප්‍රවේශ පත්‍රය ලබා ගත යුතු කවුන්ටරය කුමක්දැයි දැන ගැනීමේ හැකියාවක් නැතිකමින් බොහෝ අපහසුතාවයන්ට පත් වෙන අවස්ථා ඇත .
එනිසා ප්‍රධාන දුම්රිය ස්ථානයන්හි පමණක් හෝ ඔවුන් වෙනුවෙන් සුහදශීලී සේවා පහසුවක් සළසා දිය හැකි විශේෂ පිළිගැනීමේ කවුන්ටරයක් ස්ථාපනය කල හැකි නම් සහ ඒ සඳහා පුහුණුව ලත් සේවකයින් කිහිප දෙනෙකු යෙදවීමට හැකි නම් එය ආබාධිත පුද්ගලයින්ට ඉතා පහසුවකි… එසේම සෑම ආබාධිත පුද්ගලයෙකුටම ඕනෑම දුම්රියකට පහසුවෙන් ප්‍රවේශවීමට හැකි වෙන පරිදි දුම්රිය වේදිකාවන් නිසි ප්‍රමිතියකින් සකස් විය යුතුයි.දුම්රිය සහ බස් රථ තුල ගමන් කිරීම සඳහා මෙවැනි පහසුකම් සළසා දිය හැකි නම් ආබාධිත පුද්ගලයෙකුට මග තොටදී සිදු විය හැකි අනතුරු හා අපහසුතාවයන් බොහොමයක් වළක්වා ගත හැකිය.

එසේම දුම්රිය ප්‍රමාදවීම් ඇතුළු සියල්ල දන්වන්නේ නිවේදන හැටියටයි . ඒවා ඇසීමට හැකියාවක් නැති ශ්‍රව්‍ය ආබාධ සහිත අයට දුම්රිය පිලිබඳ නිවේදන කිසිවක් ගැන දැනුවත්වීමට හැකියාවක් නැහැ .

මෙම මාධ්‍ය හමුවේදී අදහස දැක්වූ , මඩකලපුව දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ සංගමයේ ලේකම් මොහොමඩ් ඉර්ෆාන් මහතා පැවසුවේ , පොදු ප්‍රවාහනයේ පැවතුන මෙම ගැටළු පිළිබඳව රජයේ වගකිවයුතු අංශ දැනුවත් කිරීමට පියවර ගතයුතු බවයි . එසේම එම පුද්ගලයින්ගේ ආර්ථිකය නැංවීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔහු මෙහිදී පෙන්වාදුන්නේය . ආබාධ සහිත පුද්ගලයින් මෙරට ආර්ථික ක්‍රියාවලියට එක්කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු යෙදිය යුතු බවද ඔහු යෝජනා කළේය .එහිදී ආකල්පමය වෙනසක් සිදුකිරීමේ වැදගත්කමද ඔහු පෙන්වාදුන්නේය .

ප්‍රවේශ පහසුකම් හා ආබාධ සහිත බව පිලිබඳව වූ නියාමන හා තොරතුරැ මධ්‍යස්ථානය සිදුකල සමීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව පහත ඇති QR ඛේතයෙන් ලබාගත හැක

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්