නවතම පුවත්

ලංකාවේ විදුලිබලේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ඕනෑ – IMF

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ රාජ්‍ය අංශය සතු ව්‍යවසායයන්හි ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත.


රාජ්‍ය මූල්‍ය අවදානම අඩුකර ගැනීම සඳහා මෙම පියවර ගත යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට දැනුම් දී ඇත.


රාජ්‍ය ණය මට්ටමේ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා මධ්‍යකාලීනව නව රාජ්‍ය මූල්‍ය නීති රාමුවක් සහ ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීමටද ශ්රී ලංකාව කඩිනම් පියවර ගත යුතු බව ජාත්‍යන්තර අරමුදල විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.


එසේම අත්‍යවශ්‍ය සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවකාශය සලසා දෙමින්, රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා 2020 වසරේ දී රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට අඛණ්ඩ ව ප්‍රයත්න දැරිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජය වෙත මෙහිදී යෝජනා කර ඇත.

විස්තීර්ණ ණය පහසුකමට අදාළ අරමුදල්වල මීළඟ වාරිකය ශ්‍රී ලංකාවට මුදා හැරීමට පහසුකම් සලසමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කරුණු යෝජනා කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්