නවතම පුවත්

ලක්ෂ්මන් කදිරගාමර් මරන්න ඔත්තුව දුන් LTTE බුද්ධි නිලධාරියා ජර්මනියේදී හිරේට

අසංක

අසංක

මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික LTTEයේ හිටපු බුද්ධි අංශ සාමාකජිකයකු ජර්මනියේ අධිකරණය හමුවේ වරදකරු වී තිබේ.

ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් ජී.නවනීදන් නමැත්තාට වසර 06ක සහ මාස 10ක සිරදඬුවමක් නියම කර ඇත.

ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබඳව LTTE ත්‍රස්ත සංවිධානයට තොරතුරු ලබාදීම ඔහුට එරෙහිව තිබූ චෝදනාවයි.

මොහු 2012 වර්ෂයේ ජර්මනීයේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කර ඇත.

සරණාගතභාවය ලබාදීමට පැවති සම්මුඛ පරීක්ෂණයේදී ඔහු තමා ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බවට ප්‍රකාශ කර ඇතත් පසුව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණි.

LTTE ස්නයිපර් තුවක්කුකරුවෙකු විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කරනු ලැබුවේ 2005 වර්ෂයේ අගෝස්තු 12 වන දින කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ දී ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්