කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලතින් ඇමෙරිකානු කලාපය තුල ඉදිරි මාස කිහිපය ඇතුලත මිලියන 14කට අධික පිරිසක් ආහාර අහේනියකට මුහුණ දෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා සිටී .
දැනටමත් කොරෝනා වසංගතය හේතුවෙන් එම කලාපයේ රටවල් රැසක ආර්ථිකය කඩාවැටෙමින් ඇති බවත් මෙම තත්වය තවදුරටත් පැවතීම තුල එම රටවල ජනතාවට බරපතල ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජගත් සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන අවධාරණය කර ඇත.
.මේ අනුව ඉදිරියේදී ලතින් ඇමෙරිකානු කලාපයේ රටවලට කොරෝනා වසංගතයට අමතරව ආහාර හිඟය නමැති වසන්ගතයටද මුහුණ දීමට සිදුවන බව ලෝක අහාර වැඩසටහන සඳහන් කර ඇත .
මේ වනවිට ලතින් ඇමෙරිකානු කලාපයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.
පේරු, චිලී, එල් සැල්වදෝරය, ග්වතමාලා සහ නිකරගුවාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීහු පෙන්වාදී ඇත.
බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩිවනු ඇතැයි ද අගෝස්තු මාසය වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 125,000ක් දක්වා ඉහළ යනු ඇතැයි ‘වොෂින්ටන් විශ්වවිද්‍යාලය’ කළ අධ්‍යයනයකින් අනතුරු අඟවා ඇත.