නවතම පුවත්

ලන්ච්ෂීට් ලබන 1 වැනිදා සිට තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කෙරේ. ජනතාවට ඒ වෙනුවෙන් විකල්ප හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි රජය පවසයි.

මෙම පියවර උදෙසා සහය දැක්වීමට මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලයේ සියලු නියෝජිතයන්  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවේදී එකඟතාව පළ වී ඇත.

දිරාපත් වන ලන්ච්ෂීට් අලෙවිය රට වෙනුවෙන් කරන සේවාවක් බැවින් ලාභය නොසලකා ඊට සහයෝගය දෙන්නැයි අමාත්‍යවරයා සුපිරි වෙළෙඳසැල් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ ඔවුහු ඊට එකඟතාව පළ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.

2017 දී පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් තහනම සම්බන්ධව ගැසට් නිවේදනයක් පළ කර තිබුණි.

එහෙත් එම තහනම මෙතෙක් විධිමත් ලෙස ක්‍රියාත්මක නොවීය. මෙවර නොදිරන ලන්ච්ෂීට් තහනම ලබන 1 වැනිදා සිට අනිවාර්ය කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි