නවතම පුවත්

ලබන දෙසැම්බරයේ දී ලෝකයෙන්ම කොරෝනා ඉවත් වනු ඇතැයි සිංගප්පූරුව කියයි

අසංක

අසංක

 

ලොවපුරා ව්‍යාප්තවී ඇති කොරෝනා වසංගත තත්වය මෙම වර්ෂයේ දෙසැම්බර් මස තෙවන සතිය වන විට අවසන් වනු ඇති බව සිංගප්පුරුවේ තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය අනුමාන කර ඇත.

ලොව පුරා රටවල වෛරසය ව්‍යාප්තිය වී ඇති ආකාරය පදනම් කර ගනිමින් ඔවුන් මෙම අනුමානය සිදුකර ඇත.

මෙම දත්ත විශ්ලේෂණයට අනුව ගෝලීය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැයි මස 31 වනදා සිට ක්‍රමයන් අඩු වනු ඇත.

ලොව වැඩිම කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ වසංගත තත්ත්වය මැයි මස 18 වන විට සීයයට 97කින් පාලනය වනු ඇති බවද සිංගප්පූරු වීශ්වවිද්‍යාලය සඳහන් කර ඇත.

අමෙරිකාවට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවසන් වීමට සැප්තැම්බර් අවසන් සතිය දක්වා කාලයක් ගත වෙනු ඇති බවද එම විශ්ව විද්‍යාලය අනාවැකි පලකර ඇත.

ඊට අමතර සිගප්පූරුව තුල මෙම වසංගතයේ අඩුවීම මැයි 12 ආරම්භවී ජූනි 28 වනවිට සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බවත් , ඉන්දියාවේ මෙම තත්වයේ පාලනය මැයි 28 ආරම්භවී අගෝස්තු 09 සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවත් සිගප්පූරු විශ්වවිද්‍යාලය අනුමාන කර ඇත.

ඉතාලියේ වෛරස ව්‍යාප්තිය මැයි 10 ආරම්භවී සැප්තැම්බර් 04 වනවිට සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බවද මෙහිදේ දක්බවා ඇත.

කෙසේ වෙතත් පසුගියදා ඊශ්‍රායලයේ මහාචාර්යවරයකු වන ඉසාක් බෙන් මහතාද තම නිරීක්ෂණයක් ඇසුරෙන් අනුමාන කර තිබුනේ ඕනෑම රටක මෙම වෛරසයේ ව්‍යාප්තිය දින 70 ක් ඇතුලත පාලනය වන බවයි .

එම අනුමානය හා සිංගප්පූරු විශ්වවිද්‍යාලයේ අනුමානය අතර යම් සබඳතාවයක් ඇති බවද විශේෂඥයින් පෙන්වාදෙ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්