ලබන වසරේදී  ස්වයංරැකියා  ලක්ෂ 2 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
2021 වසරේදී ස්වයං රැකියා අවස්ථා ලක්ෂ 2 ක් නිර්මාණය කිරීමට රජය  සැලසුම්  කර ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.
අරලියගහ මන්දිරයේදී සමෘද්ධි කළමනාකරුවන් සමග පැවති සාකච්ඡාවට එක්වෙමින්  රාජපක්ෂ මහතා මේ බව පැවසීය .
ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන යටතේ සමෘද්ධිලාභීන් ජීවනෝපාය මාර්ග වෙත යොමු කිරීමේ ක්‍රියාවලියේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන්ට සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හිමිවන බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.