ලබන වසරේ මුල් කාර්තුවට අතුරු සම්මත ගිණුමක්

Picture of අසංක

අසංක

2020 වසරේ පළමු මාස හතර සඳහා වු අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

2019 නොවැම්බර් මස 16 වන දින මීළඟ ජනාධිපතිවරණය පැවැත් වීමට නියමිත බැවින් 2019.08.03 වන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි මෙය අනුමත කර ඇ.ත.

2020 වර්ෂය සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා තෙක් 2020 ජනවාරි මස 1 වන දා සිට අප්‍රේල් මස 30 දක්වා මාස 4 ක කාලයක් සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් සකස් කරන ලද අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා යෝජනා කර ඇත