ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඉදිරි සතියේදී යම් යම් සීමාවන් යටතේ රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.
ඒ අනුව ලබන සිකුරාදා දිනයේ එම සීමාවන් දැනුම් දීමට හැකිවනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කර ඇත.
ඊට අදාළ සෞඛ්‍ය නිර්දේශ වාර්තාව එදින සළකා බැලෙනු ඇත.
මේ අතර කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද මීට පෙර පවසා තිබුණේ දැඩි සීමා යටතේ ක්‍රමානුකූලව රට විවෘත කිරීමට ලබන සතියේ සිට හැකිවනු ඇතැයි තම විශ්වාසය බවයි.