නවතම පුවත්

ලබන 20 වැනිදායින් පසු ලංගම-දුම්රිය සුපුරුදු ධාවනයට

අසංක

අසංක

ලබන 20 දායින් පසුව ලංගම බස් රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් ⁣ ගමනාගමනයට එක් කිරිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරින්හට උපදෙස් දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා මේවා යෙදවීමට කටයුතු යොදා ඇත.

සියලු පොදු ප්‍රවාහන කටයුතු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශන යටතේ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට පොදු ප්‍රවාහන සේවා යළිත් සුපුරුදු පරිදි යෙදවීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සේවය සඳහා වාර්තා කරන කාර්යාල මණ්ඩල ප්‍රවාහනය සඳහා යොදවා තිබෙන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය මුඛ ආවරණ සියලු දෙනාට සපයන ලෙසත්, විෂබීජානුහරණයට අවශ්‍ය විෂබීජ නාශක ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා කීය.

එමෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුරබැහැර සිට එළවළු පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී පවතින දුර්වලතාවයන්ට විසඳුමක් වශයෙන් දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.

කිසියම් පාර්ශ්වයක් ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එම ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බලවේග දුම්රිය කට්ටල ලබා දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්