පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත හෙට ( 28) දින සිදු කිරීමට නියමිතව තිබූ සියලු ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු යොදා ඇත.
පකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම තීරණය ගෙන ඇත.
ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සහ www.srilankan.com වෙත පිවිසීමෙන් ලබාගත හැක.
පැතුම් වික්‍රමරත්න