නවතම පුවත්

ලාෆ් ගෑස් සැපයුම යථා තත්වයට .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සති කිහිපයක් තිස්සේ සම්පූර්ණයෙන්ම නැවතී තිබුණු ලාෆ්ස් ගෑස් සමාගමේ නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට යළිත් යථා තත්වයට පත්ව ඇති බව එම සමාගම සඳහන් කර සිටී .

ඒ අනුව ගෑස් සිලින්ඩර පිරවීමේ සහ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර ඒවා අලෙවි කෙරෙන්නේ නව මිල ගණන් යටතේය.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363.00කින් ඉහළ නැංවීමට ලාෆ්ස් ගෑස් සමාගමට රජය පසුගියදා අවසර ලබාදී තිබිණි.

“හෙට අනිද්දා වනවිට වෙළඳපොල යථා තත්වයට පත්වීමට අවශ්‍ය කටයුතු ලිට්‍රෝ සමාගමත් ලාෆ්ස් සමාගමත් සිදුකරලා තිබෙනවා. එම නිසා කිසිදු බියක් ඇති කරගතයුතු වන්නේ නැහැ, හිඟයක් මොනම ආකාරයකටවත් ඇතිවෙන්නේ නැහැ” යනුවෙනුයි ලාෆ්ස් ගෑස් සමාගමේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණයෙහි යෙදුණු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මාධ්‍ය වෙත පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා