ලිට්‍රෝ ගෑස් සංචිත අවසන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලිට්‍රෝ සමාගම සතු ගෑස් තොග අද දහවල් වන විට බොහෝ දුරට අවසන් වීමට ඉඩ ඇතැයි එම සමාගම පවසයි . එහි උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පැවසුවේ ලිට්‍රෝ සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන් ඊයේ රාත්‍රීය දක්වා ගෑස් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව අද දිනයේ ද ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.

.කෙසේ වෙතත් තවත් ගෑස් නෞකා 03ක් අද, අනිද්දා සහ සිකුරාදා යන දිනවල මෙරටට පැමිණෙන බවද සමාගම පවසයි . මෙම නෞකා 03න් ගෑස් මෙට්ට්‍රික් ටොන් 11,000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

අද පැමිණීමට නියමිත නෞකාවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙ. එම නෞකාව සඳහා මුදල් ගෙවා ඇති බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. නෞකාව පැමිණීමෙන් පසු කඩිනමින් ගෑස් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී .