ලිපින අපැහැදිළි පාර්සල් වල හිමිකරුවන් බාර්කෝඩ් වලින් සොයයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට ගෙන ඒමේදී, ලිපිනයන් අපැහැදිළි වී ඇති පාර්සල්වල හිමිකාරත්වය,
ඒවායේ බාර්කෝඞ් අංක හරහා හඳුනාගත හැකිද යන්න සොයාබැලීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ, සඳහා මැලේසියාවේ සහයද අවශ්‍ය වන බව තැපැල්පති රංජිත් ආරියරත්න අප වෙබ් අඩවියට පැවසීය

මැලේසියාව සමග සාකච්ඡා කර ආපසු ලිපිනයන් සහිත පාර්සල් යළි හරවා යැවීම සම්බන්ධයෙන් ද මේවනවිට අවධානය යොමුවී ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය