නවතම පුවත්

“ලොක්ඩවුන්” දින දහයක් , නිසා රටේ ආර්ථිකයට එල්ලවන බලපෑම ඩොලර් බිලියන 1.12ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව  දින 10 කාලයක් ලොක් ඩවුන් කළහොත් ඒ   හේතුවෙන් මෙරට  ආර්ථිකයට සිදුවන බලපෑම අමෙරිකානු ඩොලර් බිලියන 1.12ක් වන බව  විශේෂඥයින් පෙන්වාදේ .

ලොක් ඩවුන්  ක්‍රියාමාර්ග ,හරහා  මිනිස් ජීවිතවලට සහ ආර්ථිකයට එල්ලවන බලපෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුග්‍රහයෙන් ඊයේ (26) පැවැත්වූ  මාර්ගගත සම්මන්ත්‍රණයදී විශේෂඥ කණ්ඩායම් මේ බව පෙන්වාදෙනු ලැබීය .

දෙස් විදෙස් ස්වාධීන විශේෂඥයින් 33 දෙනකු සහභාගි වූ එම සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ වූයේ  අගෝස්තු මස 30 වනදායින් පසුව ලොක්ඩවුන් ක්‍රමවේදය ඉවත් කළහොත් කොවිඩ් මරණ 16,700ක් දක්වා ඉහළ යා හැකි බවය.

කෙසේවෙතත්, එහිදී ආර්ථිකයට සිදුවන බලපෑම අමෙරිකානු ඩොලර් බිලියන 1.12ක් වන බව  විශේෂඥයින් ප්‍රකාශ කළේය .

කෙසේවෙතත්, සැප්තැම්බර් 18 වනදා දක්වා ලොක්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළහොත්, මරණ සංඛ්‍යාව 13,712 දක්වා අඩු කරගත හැකි බවත් ආර්ථිකයට සිදුවන පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 1.67ක් වන බවත් විශේෂඥයින්ගේ මතය වී තිබුණි.

එමෙන්ම ලොක්ඩවුන් ක්‍රමවේදය ඔක්තෝබර් මස 2 වනදා දක්වා ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට සිදුවන ආර්ථික පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 10,400 දක්වා අඩු කරගැනීමට හැකිවනු ඇති බව විශේෂඥයින්ගේ පුරෝකථනය වී තිබුණි.

එම තොරතුරු ඇතුළත් වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්