නවතම පුවත්

ලොක්ඩවුන් කළ අමෙරිකානු ප්‍රාන්ත කීපයක් යළි විවෘත කිරීමේ සූදානමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක් යළිත් විවෘත කිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සූදානම් වෙමින් සිටින බව එරට මාධ්‍ය අනාවරණය කර සිටී.

ඒ අනුව අමෙරිකාවේ නැගෙනහිර කොටසේ පිහිටි ප‍්‍රාන්ත 06 ක් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එම ප‍්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් දැනටමත් සාකච්ඡා අරඹා ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත,

මෙලෙස විවෘත කිරීමට සූදානම් වන ප‍්‍රාන්ත අතරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇති නිව්යෝර්ක් ප‍්‍රාන්තය ද අයත්වේ.

ඊට අමතරව නිව් ජර්සි, කනේක්ටිකට් හා පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත ද යළි මෙසේ විවෘත කිරීමේ සූදානමක් පවතින බවයි වාර්තාවේ.

කෙසේ වෙතත් එරටින්ම ලැබෙන වාර්තාවන්ට අනුව තවදුරටත් ලොව වැඩිම නව කොරෝනා ආසාදිතයින් ගණනක් සහ වැඩිම නව කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර ගතවු පැය 24 තුළ පමණක් එරටින්න ව කොරෝනා මරණ 1,513 ක් වාර්තාවිය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්