නවතම පුවත්

‘ලොක්ඩවුන්’ කිරීමට එරෙහිව ලොව පුරා විශේෂඥයන් – වෘත්තීයවේදීන් විරෝධයේ

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකෙරෙන පූර්ණ සංචරණ සීමා හෙවත් “ලොක් ඩවුන්” කිරීම්වලට එරෙහිව ලොව පුරා විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විශාල පිරිසක් පෙළ ගැසී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී.

ඒ අනුව මෙම “ලෝක ඩවුන්” කිරීම් වලට එරෙහිව සකස් කරමින් පවතින “ග්‍රේට් බැරින්ටන්” නම් ජාත්‍යන්තර ප්‍රකාශනයට මේ වනවිට වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් 34000 කට අධික පිරිසක් අත්සන් තබා ඇති බවද වාර්තාවේ.

ලොක් ඩවුන් කිරීම්වලට එරෙහිව ප්‍රකාශනයකට අත්සන් ලබාගැනීමේ මෙම “ග්‍රේට් බැරින්ටන් “ගෝලීය ව්‍යාපාරය පසුගියදා අමෙරිකාවෙන් ආරම්භවූ අතර මේ වනවිට ඒ සඳහා අත්සන් තබා ඇති සමස්ථ ගණන ලක්‍ෂ පහකට ආසන්න බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

මෙසේ අත්සන් තැබූවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පර්යේෂණවල නියුතුවල නියුතු කීර්තිමත් විද්‍යාඥයින්, වෛද්‍යවරුන් රැසක්ද සිටින බව එම පුවත් සේවය සදහන් කර ඇත.

කොරෝනා පාලනය කිරීම සඳහා මෙම ලොක් ඩවුන් කිරීම්, සුදුසුම පියවර නොවන බවත්, මේ හරහා වෙනත් ගැටළු හා අර්බුද රැසක් මතුවන බවත් මෙඅ ග්‍රේට් බරින්ටන් ප්‍රකාශනය හරහා පෙන්වාදී ඇත.

විශේෂයෙන්ම මෙම ලොක් ඩවුන් හරහා වෙනත් රෝග පාලනය සඳහා ක්‍රියාත්මක වැඩසටහන් වලට විශාල බාධා එල්ලවන බවත් මෙහි සඳහන්වේ.

ළදරුවන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ ක්‍රියාවලි පවා මේ හරහා අඩාල වන බව ප්‍රකාශනයේ සඳහන්වේ.

එසේම මේ හරහා මානසික පීඩනය වර්ධනය වන බවත්, “ග්‍රේට් බැරින්ටන්” ප්‍රකාශනයේ දැක්වේ.

කොරනා වෛරසයෙන් විශාලම තර්ජනය එල්ලවනුයේ වයසින් වැඩි පුද්ගලයින්ට වන බැවින් ඔවුන් කොවිඩ් වෛරසයෙන් ආරක්රෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල දියත් කල යුතු බවත් සෙසු පුද්ගලයින්ට සාපේක්ෂ වශයෙන් නිදහස් ජීවන රටාවක් ගෙවීමට අවස්තාව ලබාදිය යුතු බවත් ප්‍රකාශනයේ දැක්වේ.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රතිෂක්තියද ඉහල යන බව මෙහි දැක්වේ.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශනයේ අඩංගු යෝජනාවන්ට විරුද්ධවද ලොව පුරා විශේෂඥයින් අදහස් දක්වා ඇති අතර , කොරෝනා වෛරසයේ බරපතලකම අනුව එය පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව ඔවුන් සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්